අපි ගැටලු විසදන විදි ගොඩක් තියනවා. සමහරු හොඳට හිතලා බලලා ඒකට සුදුසුම විදිහට විසඳුම් හොයනකොට තවත් පිරිසක් කලබලවෙලා ඉක්මන් විසඳුම් හොයනවා. මේ වගේම තමා එක එක විදිහේ algorithms තියනවා. සමහර algorithm වලින් optimal solutions එක හොයගන්න පුලුවන් ඒවට කියනව optimal algorithms කියලා, සමහර algorithm වලින් quick solutions ගන්න පුලුවන් අපි ගොඩක් වෙලවට ඉක්මන් විසඳුම් හොයනවා කියල කරන්නෙ තමන්ට වාසි වෙනවා කියල පේන විසඳුම තොරගන්න එක එ විදිහේ algorithm වලට කියනවා greedy algorithms කියලා. ඒවගේම තමා තවත් සමහර ප්‍රශ්න විසඳන්න අපි අපේ අත්දැකීම් උදව් කරගන්නවා. ඒවගෙ අවස්තා වලදී අපි කරන්නෙ ස්වභාවික සිදුවීම් එක්ක අපේ අත්දැකීම් මිශ්‍ර කරල අපිට අවශ්‍ය solution එක ගන්නවා. ඒවගේ algorithms වලට කියන්නෙ genetic algorithms කියලා. මේ වගේම තවත් ගොඩක් algorithm වර්ග තියනවා. ඒ එක එක algorithm types වලින් problems solve කරන විදි ඉදිරි ලිපි වලිදි කියන්නම්.
අපි බලමු කොහොමඳ computer science එක්ක algorithm සම්බන්ධ වෙන්නෙ කියලා. Computer Science කියන්නෙ programming විතරක් නෙමෙයි. තාක්ෂණය බාවිතා කරමින් ගැටලු විසදීම , මිනිසගේ දියුණුව සඳහා තාක්ෂණය යොදා ගැනීම වගේ දේවලුත් ඒකට අදාළ වෙනවා. ගොඩක් වෙලවට අපි තාක්ෂණය උපයෝගී කරගන කරන්නෙ අපේ එදිනෙදා කාර්යයන් පහසුවෙන් කරගන්න ක්‍රම හදගන්න එක වගේ දේවල් තමයි.
සාමාන්‍ය මිනිසෙකුට මොකක්හරි ගැටලුවක් ආවම එයාට ඒ ගැටලුව ගැන කල්පනා කරලා තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා. ඒත් computer එකට එහෙම තේර්ම්ගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා algorithm භාවිතා කරලා අපිට අවශ්‍ය instruction set එක හඳුනාගෙන එවා පියවරෙන් පියවර computer එකට ලබාදුන්නාම අපිට අවශ්‍ය solution එක ගන්න පුලුවන්. මේක තමා සරලවම සිදුවෙන්නේ.
No comments:
Post a Comment